මහාමාර්ග අමාත්‍යංශ ලේකම් දුෂිතයෙක්..

 


හොඳටම කරන්නම් යැයි කියා කී ආණ්ඩුවට 20 ගෙන එන්නට දුන් බවත්,අද ඒ සියල්ල ආපසු කැරකී 21ගෙන එන්න යයි සියලු පක්ෂ ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව හොඳටම කර ඇති ආකාරය එයින් පැහැදිලි වන බව ද බව ද විපක්ෂ නායකතුමා පැවසීය

මන්දිර තුල සිට ගනු ලබන තීන්දු වලින් රට පෙරට ගෙන යා නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා තීන්දු තීරණ ගත යුත්තේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් පරිදි බවද පැවසීය.

වර්තමාන අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබදව සාකච්ඡාවක් අද(30) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. ඒ, ජාතික ඉදිකිරීම් සංගමයේ නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව සෘජුව සහ වක්‍රව ලක්ෂ දහයක පමණ පිරිසක් කටයුතු කරන බවත් ලක්ෂ 40 ක පමණ පිරිසක් යැපෙන්නන් ලෙස සිටින බවත් පැවසූ විපක්ෂ නායකතුමා, අද වන විට ඉදිකිරීම් කර්මාන්තයට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇතැයිද පැවසීය.

මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස, අක්‍රමිකතාවයන්ට ලක් වූ දූෂිත පුද්ගලයකු පත් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, අදාළ දූෂිත පුද්ගලයන් වහාම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරන බවද පැවසීය.

– Media unit

Post a Comment

0 Comments