ඉන්ධන පිරවුම්හල් වලට ඩිසල් ඉන්ධන ලැබිමත් සමග ඉන්ධන ලබා ගැනිමට පොලිම් වල ගාල් කර තිබෙන ඇතැම් වාහන වල රියදුරන් සහ රිය සහයකයන් විසින් වාහනවල ඉන්ධන ටැංකියේ ඇති ඉන්ධන බූලි වලට එකතු කිරිමේ ජාවාරමක් සිදු කරනු ලබයි.
ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරිමත් සමග වාහන පොලිමෙන් ඉදිරියට වාහනය ධාවනය කරන අවස්තාවේ ඇතැම් වාහන වල රිය සහයකයන් ඉන්ධන ටැංකියේ ඇති ඉන්ධන බූලි වලට ලබාගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.
මේ සම්බන්ධයෙන් අප එම වාහන වල රියදුරන් සහ රිය සහයකයන්ගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටින්නේ මෙවැනි දේ හැමෝම සිදු කරන නිසා තමන්ද එය සිදු කරන බවයි.


0 Comments