ඩොලර්වලින් කොමිස් ඉල්ලුවේ වජිර නෙවෙයිද ?

 


රටේ ඇති වී ඇති උග්‍ර ඩොලර් අර්බුධයට විසදුමක් ලෙස ඩොලර් ණයට දීමේ හැකියාවක් ඇති ව්‍යාපාරිකයින්ට තමන් සතු ඩොලර් රට වෙනුවෙන් ‍ දෙන ලෙස අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ ව්‍යාපාරිකයන්ට පෞද්ගලිකව කළ ආරාධනාවක් අග්‍රාමාත්‍යවරයාට සමීපතම පුද්ගලයකු විසින් කොමිස් ඉල්ලීම නිසා ව්‍යර්තවී ඇති බව වාර්තා වේ.

වාර්තාවන පරිදි අගමැතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති එක්තරා ව්‍යාපාරිකයෙක් අග්‍රාමාත්‍යවරයා හමු වී ඩොලර් මිලියන 2ක් ඉතාම සුලු පොලියකට ලබා දීමට සූදානම් වී ඇත. මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් මේ පිළිබඳ කටයුතු කිරීමට පුද්ගලයකු පත් කර ඇති බවත් මේ පිළිබඳ ඉදිරි කටයුතු ඔහු සමග සාකච්ඡා කර කරගෙන යන ලෙසත්ය.

ඒ අනුව අදාල ව්‍යාපාරිකයා පෙර කී පුද්ගලයා හමු වී ඇත. එහිදී ඔහු ව්‍යාපාරිකයාට කී දෙයින් ව්‍යාපාරිකයා අන්ද මන්ද වී ඇත. වාර්තාවන පරිදි මෙම පුද්ගලයා ණය දෙන්න ආ ව්‍යාපාරිකයාගෙන් ඩොලර් එකකට රු 15 ගානේ කොමිස් මුදලක් ඉල්ලා ඇත. රට පතුලක් නොපෙනන අගාධයකට වැටෙමින් තියෙද්දීත් රට ඉන් ගොඩ ගන්න සහය දෙන්න එන මිනිසුන්ගෙනුත් කුට්ටි ඉල්ලන මෙම පුවත අදාල ව්‍යාපරිකයා ගොස් අග්‍රාමාත්‍යවරයාට පැමිණිලි කළ බවද වාර්තාවේ. මේ පුවතින් අගමැතිවරයා වික්ෂිප්තව ගොස් ඇති අතර බෙහෙවින් කනස්සල්ලට පත් වූ බවද කිය වේ.

ව්‍යාපාරිකයාගෙන් මෙම රු 15 කොමිස් මුදල ඉල්ලූ පුද්ගලයා ලෙසට චෝදනා එල්ලවන්නේ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති වජිර අබේවර්ධනටයි. කෙසේ වෙතත් වජිර අබේවර්ධන පවසන්නේ තමන් මේ කියන ව්‍යාපාරිකයා නොහදුනන බවත්, කිසි දිනෙක ඔහු හා මූනට මූණ කතා කර හෝ නැති බවත්ය.

Post a Comment

0 Comments