ඉන්ධන සැපයීමට අලුත් සැපයුම්කරුවන්

 


මෙරටට අවශ්‍ය ඉදිරි පෙට්‍රල් සහ ඩීසල් සැපයුම් සඳහා අලුත් සැපයුම්කරුවන් දෙදෙනෙකුට අවසර ලබාදී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත.

අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කර ඇත.

“පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වීම සඳහා අලුත් සැපයුම්කරුවන් දෙදෙනෙක්ට අවසර දීලා තිබෙනවා.”

“එළඹෙන සතියේ අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ඒ සැපයුම්කරුවන් විසින් ලබාදෙනවා.”

“සමහර අවස්ථා තිබෙනවා ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙනවා.. හැබැයි මිල ගැලපෙන්නේ නැහැ. එහෙම වුණොත් ටෙන්ඩර් එකෙන් රිජෙක්ට් වෙනවා. එතකොට අලුත් සැපයුම්කරුවෙක්ට අවස්ථාව දෙනවා. ඒ අනුව තමයි බොරතෙල් ගෙන්වීම සඳහා දැනට සැපයුම්කරුවන් 4 දෙනෙක්ට අවශ්‍ය ලේඛන දීලා තියෙන්නේ. පළවෙනි නෞකාව අත්හදා බැලීමක් හැටියට ගේන්න කියලා තියෙන්නේ.”

“තවත් සමාගම් දෙකකට පෙට්‍රල් සහ ඩීසල් සඳහා ලබාදීලා තිබෙනවා ඇණවුම් 3ක්.”

“සිපෙට්කෝ ආයතනය තමයි ඉන්ධන ආනයනය කරන්නේ. බොරතෙල් ආනයනය කිරීම සඳහාත් අලුත් සැපයුම්කරුවෙක්ට අවස්ථාව දීලා තිබෙනවා.”

“මේවා විදේශීය සමාගම්. මැදපෙරදිග, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව වගේ රටවල සමාගම්.”

Post a Comment

0 Comments