කූරගල හදන්න ආණ්ඩුවෙන් සිමෙන්ති කොට්ටයක්වත් ගත්තෙ නෑ..- විහාරාධිපති හිමි



 කූරගල විහාරස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 15,000 ගිය බව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ කූරගල ආරන්‍ය සේනාසනයේ භාරකාර පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන  හිමියන් සඳහන් කරති.

ආණ්ඩුවෙන් ඒ සඳහා සිමෙන්ති කොට්ටයක් වත් නොගත් බව ද උන්වහන්සේ කියා සිටිති.

දේශපාලනයට විකුණන් කෑමට බැරි නිසා කූරගල හැදූ එක ගැන තමන් සමග අමනාපයෙන් පිරිසක් සිටින බවද උන් වහන්සේ පවසති.

ඇතමුන්ට පේන්නේ කූරගල හැදූ සිංහයා විතරක් බව අනෙක් තැන් වල හැදූ ඒවා පේන්නේ නැති බවත් උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව හිමියෝ මෙම අදහස් පළ කර තිබේ.

Post a Comment

0 Comments