වත්තල ඇලකන්දේදී අද(14) දහවල් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මට්ටක්කුලියේ අල්ලි වත්තේ පදිංචිකරුවෙකු වන නිපුන නමැති පුද්ගලයකි. මොහු මත් කුඩු ජාවාරමකට සම්බන්ධ බව පොලිස් වාර්තා වල දැක්වේ.
අයිස් නමැති මත් ද්‍රව්‍යයට තදින් ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයා අද දහවල් වත්තල ඇලකන්දේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ඉන් පිටතට පැමිණෙන විට රැක සිටි පුද්ගලයකු විසින් ටී 56 ගිනි අවියකින් හිසට වෙඩි තබා ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ගේ පියාද මත්කුඩු ඡාවාරමකට සම්බන්ධව සිටියකු වන අතර ඔහු ද පැහැර ගැනීමකට ලක් වී ඇත.
මෙම ඝාතනය ඉන්දියාවට පළාගොස් සිටින වැල්ල සාරංග නැමැති මත්කුඩු ඡාවාරම්කරුගේ මෙහෙයවීමෙන් ගෝලයින් විසින් කර ඇති බවට පොලීසිය සැක කරයි.


0 Comments