සමලිංගික තරුණ තරුණියන්ගේ පෙළපාළියක් දෙවනත් වෙයි

 


ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සමලිංගික තරුණ තරුණියන්ගේ පෙළපාළියක් පැවැත්වෙද්දී කලබලයක් හටගෙන තෙරපීමක් හටගෙන තිබේ.

කලබලය හටගත්තේ ගිනි කෙළි පිපිරීම් හඩක් වෙඩි තැබීමක් ලෙස වරදවා වටහා ගැනීම නිසාය.

පෙළපාළිය පැවැත්වූයේ වොෂිංටන් චතුරස්‍රය සහ ඒ අවට වන අතර සිය ගණනක් දෙනා මෙම පෙළපාළියට එක් වී සිටි බවත් තෙරපීමෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවටත් තොරතුරු වාර්තා වේ.

රෝහල්ගත කළ කිසිවකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Post a Comment

0 Comments