දේශපාලනඥයෝ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනී, ජාතික පශු සම්පත් මණ්ඩලයෙන් පොලිසියට පැමිණිල්ලක්

 


ඉදිරි ආහාර අර්බුදය සඳහා වගා කටයුතුවලට යැයි පවසමින් ඇතැම් දේශපාලනඥයන් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ජාවාරමක යෙදෙන බව අනාවරණය වේ. වැඩි වශයෙන්ම, පළාත් පාලන ආයතනවල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හිතවතුන් මෙලෙස රජයේ ඉඩම් අල්ලා ගන්නා බව පැවසේ.

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කුලියාපිටිය, නාරංගල්ල වත්තේ අක්කර 20 ක භූමි ප්‍රදේශයක්ද පසුගියදා ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් වගා කටයුතු කිරීමේ මුවාවෙන් අල්ලා ගෙන ඇති අතර, මේ සම්බන්ධව එම මණ්ඩලය කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇත.

අදාළ ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් එකක් බවත්, එම ආයතනයට මුදල් ගෙවා එම ඉඩම් ජාතික පශු සම්පත් මණ්ඩලයට ලබාගෙන තිබිණි.

Post a Comment

0 Comments