එළඹෙන ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දි අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තුව ද ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් ඊයේ (26) දිනයේ දී ප්‍රකාශ කළේය.
ඒ අනුව හෙට දිනයේ දි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්යය නිලාන් මිරැන්ඩා සඳහන් කළේය.


0 Comments