ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිස් නිලධාරීන්ට පහර දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පැවසීය.
එසේම එවැනි ස්ථානවල දී රාජකාරි සීමාව ඉක්මවා කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
පොලිස් නිලධාරින් තෙල් බෙදන කටයුතුවල යෙදෙන පිරිසක් නොවන හෙයින් ඔවුන් සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් වලකින්නැයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.


0 Comments