සහල් රජයේ පාලන මිලට ඉදිරි මාස තුනක කාලයක් දක්වා අලෙවි කරන බවත් පාලන මිලට සහල් අලෙවි නොකරන වීමෝල් වටලා වී තොග රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන අද (22) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඩඩ්ලිගේ සහල් මාෆියාව ලෙස හැදින්වුවද වර්තමානයේ සහල් වැඩි මිලට විකුණන පුද්ගලයන් මාෆියාවක් ගෙනියන බවත් ජනතාව සහල් කිලෝවක් මිලදී ගැනීමට නොහැකි තත්වයකට පත්ව සිටින අවස්ථාවේ ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද ඔහු සදහන් කරයි.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ නිව් රත්න සහල් හිමිකරු වන ලන්කේෂ්වර මිත්‍රපාල රජයේ පාලන මිලට සහල් ලබාදිය නොහැකි යැයි පැවසීමත් සමඟ ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවෙන් නැගිට පිටව ගිය බවට වාර්තා වෙයි.
3


0 Comments