පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගිය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් රැකියා නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටී.
මෙම බොහෝ පිරිස් එමීර් රාජ්‍යට ගොස් ඇත්තේ සංචාරක වීසා මගින් වන අතර රැකියාවක් සොයාගැනීම එරට ඉතා අපහසු බව සිතමින් එහි ගොස් ඇත.
නමුත් එසේ පැමිණි විශාල පිරිසක් මාස කිහිපයක් තිස්සේම රැකියා ලබාගැනීමට නොමැතිව සිගමන් යදිමින් සිටින බවද වාර්තා වේ.
රැකියා ඒජන්සිකරුවන්ගේ බොරුවලට රැවටී රුපියල් ලක්ෂ 4-5 වැනි මුදල් වැයකර සංචාරක වීසා ඔස්සේ ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රාන්ත වලට ගොස් ඇත.
නමුත් ඔවුන්ට මාස ගණනක් තිස්සේ කිසිදු රැකියාවක් ලැබී නැති අතර අධික උෂ්ණත්වයක් යටතේ කුසගින්නේ මහමග ඇවිදිමින් සිටිති.
රුපියල් ලක්ෂ පහකට ආසන්න වැටුප් එරටදී ලබාගැනීම පහසු බවට පවසමින් මෙම රැකියා ආයතන විසින් මෙම තරුණ තරුණියන් මුලාකර මුදල් අයකරගෙන ඒ රටට යවා ඇත


0 Comments