ඉන්ධනහල අසල එකවරම පිපිරීමක්

 


දින 5කට පසු අද (18) පස්වරුවේ බණ්ඩාරගම සමූපකාර ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් තොගයක් ලැබී තිබුණි.

ඒ අනුව එම ඉන්ධන ලබාගැනීම සඳහා විශාල පිරිසක් එම ඉන්ධනහල අසල පෝලිම්වල රැඳීසිටි අතර ඉන්ධන බෙදීම ඇරඹීමත් සමග එකවරම පිපිරීමක් සිදුවී තිබුණි.

ප්‍රදේශය දෙවනත් කරමින් සිදුවූ එම පිපිරීමත් සමග විදුලිය ද විසන්ධි වී තිබූ අතර ඉන් ජනතාව නොසන්සුන් විය.

පසුව අනාවරණය වී තිබුණේ අසල පිහිටි ට්‍රාන්ස්ෆෝමරයේ කපුටෙක් ගැටීමෙන් ඇතිවූ දෝෂයකින් එම පිපිරීම සිදුව ඇති බවය.

පසුව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ දෝෂය නිවරැදි කර යළි විදුලි සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කළේය.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීමට පැය භාගයකට පමණ නවතා දැමීමට සිදුවිය.

Post a Comment

0 Comments