‘සියලුදෙනාම කියවිය යුතු පොලිස් පණිවුඩය යනුවෙන්’ ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙවැනි පණිවිඩයක් ශ්‍රී ලංකා පොලිසිය මඟින් මාධ්‍ය ආයතන වෙත හෝ කිසිඳු සමාජ මාධ්‍ය වෙත හෝ වෙනත් ආකාරයකින් හෝ මහජනතාව වෙත නිකුත් කර නොමැති බව පොලිසිය පවසයි.
ඊට නොරැවටෙන ලෙසත් මෙවැනි පණිවිඩ වලින් මහජනතාව නොමඟ යාම මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ද අපකීර්තියට පත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා පොලීසිය මගින් දැනුවත් කළ යුතු කරුණු තිබේ නම් පොලිස් මූලස්ථානයේ ලිපි ශීර්ෂය හෝ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ලිපි ශීර්ෂය මගින් මාධ්‍ය ආයතන වෙත මාධ්‍ය නිවේදන ලෙස නිකුත් කරන බවද පොලීසිය පැහැදිලි කරයි.


0 Comments