රනිල් නව මහ බැංකු අධිපති නම් කරයි

 


ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉදිරි වසර 6 ක කාලය වෙනුවෙන් ද මහ බැංකු අධිපති ධූරය සඳහා නිර්දේශ කර ඇති බව වාර්තා වේ. වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ නිල ධූර කාලය හෙටින්(30) අවසන් වීමට නියමිතය.

2016 ජූනි මාසයේ දී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාර ගත් නිල ධූර කාලය එලෙස හෙට දිනයේ දී අවසන් වීමට නියමිතය. මෙම ධූර කාලපරිච්ඡේදය තුළ සිව්දෙනකු එනම්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහ බැංකු අධිපති ධූරය හොබවා තිබීම විශේෂත්වයකි.

මුදල් ඇමතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මෙලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නම නව ධූර කාලය සඳහා නිර්දේශ කරමින් ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments