පන්ති කාමරයක එල්ලෙන මළ සිරුරක්

 


කෙසෙල්වත්ත තක්‍ෂිලා විදුහලේ පංති කාමරයක බාල්කයක එල්ලෙමින් තිබූ පිරිමි මළසිරුරක් පෙරේදා (25 ) රාත්‍රී හමුවූ බව පානදුර උතුර පොලිසිය ප්‍රකාශ කර තිබේ.

විදුහලේ මුරකරු රාත්‍රියේ පන්ති කාමර වසා ඇද්දැයි පරීක්‍ෂා කිරීමේදී දැක පොලිසියට පැමිණිලි කර ඇත.

මියගොස් සිටි පුද්ගලයා අවු. 40 ත් 50 ත් අතර වයසේ පසුවන අයෙකු අතර ඔහු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.

පානදුර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Post a Comment

0 Comments