"කටාර් පුණ්‍යායතනයට" එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.
“ඊයේ කටාර් පුණ්‍යායතනයේ නිලධාරීන් හමුවුණා. 2019 වසරේ දී එම පුණ්‍යාතනයේ අරමුදල් වෙත පනවා තිබු තහනම ඉවත් කිරීමට ගත් තීරණය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බවට වන පණිවිඩය ඔවුන්ට ලබා දුන්නා. එමෙන්ම කටාර් පුණ්‍යායතනය ශ්‍රී ලංකාවේ සහ ගෝලීයව සිදුකරනු ලබන කටයුතු පිළිබඳව සාකච්ඡා කළා" යැයි කටාර් රාජ්‍යයේ සංචාරයක් සඳහා ගොස් සිටින අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් ‘කටාර් පුණ්‍යායතනය’ ත්‍රස්තවාදී ආයතනයක් ලෙස නම් කර තිබූ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ගොනු කළ නඩුවට අදාළව ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන බවට පුණ්‍යායතනයට චෝදනා කර තිබුණා.
කටාර් පුණ්‍යායතනය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම හිස්බුල්ලා 2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරමින් ඔහු කොටු කිරීමට දරන උත්සාහයේ කොටසක් බව හිජාස් හිස්බුල්ලාගේ නීතීඥයන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.
කටාර් පුණ්‍යායතනයට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කාර්යාලයක් ඇති අතර එහි සේවයේ නියුතු කාර්ය මණ්ඩලයක් සිටියි.
0 Comments