තවදුරටත් රට පාලනය කළ නොහැකි පාලකයන් ගෙදර යා යුතු යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය අමතමිනි එතුමන් මේ බව කියා සිටියහ.
රට සෞභාග්‍ය කරා ගෙන යනවා ආසියාවේ ආශ්චර්‍ය කරනවා කියා බලයට පැමිණි පාලකයන් අද රටට හිඟා කන තත්ත්වයට පත් කර ඇති බවද එතුමන් පැවසූහ.
ජනතාව තෝරා ගත්ත නිසා එල්ලිලා ඉන්න බව සමහරු පැවසුවද ජනතාව තෝරා ගත්තේ බලය අල්ලන් ඉන්න නොව බලය දුන් ජනතාවට සේවය කිරීමට බවද අගරදගුරු හිමියෝ තව දුරටත් කියා සිටියහ.


0 Comments