පසුගිය 9 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කළේය.
එම සිද්ධිය සැකකරුවකු වශයෙන් නම් කර සිටින ඩෑන් ප්‍රියසාද් නමැත්තා ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත.
මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථානමාරු කරන ලෙසත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා විසින් කර ඇති නිර්දේශ දෙකක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අධිකරණය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.


0 Comments