අගමැති තනතුරින් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට සූදානමක්

 


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම තනතුරින් ඉවත් කර පොදුජන පෙරමුණේ සාමාජිකයකු අගමැති ලෙස පත් කිරීම සඳහා කටයුතු සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා එසේ උපදෙස් දී ඇත්තේ පොහොට්ටු කණ්ඩායමක් ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමකට අනුව බවයි වාර්තා වන්නේ.

ජනවරම ලබාගත් පොහොට්ටු පක්ෂය ඉදිරියටත් මෙරට පාලනය සිදුකල යුතු බවත්, බලාපොරොත්තු වූ පරිදි රනිල් වික්‍රමසිංහ අර්බුදයන්ට නිසි විසඳුමක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමත් යන කරුණු හේතුවෙන් රනිල් වික්‍රමසිංහ වහාම අගමැති තනතුරින් ඉවත් කරන ලෙස පොහොට්ටු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත සහිත, පොහොට්ටු පක්ෂ සාමාජිකයකු පිළිබඳ තීරණයක් ගෙන තමන්ට දන්වන ලෙසද ජනාධිපතිවරයා අදාල කණ්ඩායමට ප්‍රකාශ කර ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.

Post a Comment

0 Comments