ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් අත්පිට මුදලට ඉන්ධන නෞකා හතරක් මිලදී ගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
එකක් මෙට්‍රික් ටොන් 40000 බැගින් වූ පෙට‍්‍රල් හා ඩීසල් නැව් හතරක්සේ මෙසේ මිලදී ගැනීමට කටයුතු කරමින් ඇති බවත් ඒ සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මැදිහත් වෙමින් ඇති බවත් සඳහන්ය.
කෙසේ වෙතත් මෙම මිලදී ගැනීම සඳහා අවම වශයෙන් තවත් සතියක වත් කාලයක් ගතවීමට නියමිතව ඇත.
දැනට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 700 ක ඉන්ධන ණයට ලබා දී ඇති අතර තවත් ඩොලර් මිලියන 500ක ණය මාර්ගයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.
0 Comments