දුම්රිය එන්ජින් සඳහා අවශ්‍ය වන එන්ජින් ඔයිල් නොමැතිවීමෙන් ඉදිරි කාලයේ දී දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති ව යනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
දැනට ඇති එන්ජින් ඔයිල් ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකක කාලයක් සඳහා පමණක් බව ඔහු පැවසීය.
මෙරට දුම්රිය සදහා චීනයෙන් හා ඉන්දියාවෙන් එන්ජින් ඔයිල් ආනයනය කරමින් කරන අතර ඉදිරියේදී ඒවා ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් ලබාදී නැතැයි ද ප‍්‍රකාශකයා පැවසීය.
මෙම තත්ත්වය මත දැනට ධාවනය වන දුම්රිය වලින් කොටසක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.


0 Comments