ධම්මික පාර්ලිමේන්තුවට.. පෙත්සම් පහක් කුණු කූඩයේ..

 


ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් පහම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෙට දිනයේ පර්ලිමෙන්තුවේදී දිවුරුම් දීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතාගේ නම දැනටමත් ගැසට් කර තිබේ.

තමන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලැබෙන තුරු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බවද ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දිනයේ දැනුම් දී තිබිණි.

Post a Comment

0 Comments