බැංකුවක් තුළ පිහිඇනුමක්

 


බිබිල කොටගම ප්‍රදේශයේ බැංකුවක් තුළට කඩා වැදුනු පුද්ගලයෙකු විසින් එහි කළමණාකාරිනියකට පිහියකින් ඇන තුවාල සිදුකර තිබේ.

පොලීසිය පැවසුවේ කොටගම සමූපකාර සමිතියකට අයත් සමූපාකාර ග්‍රාමීය බැංකුව මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි.

තුවාල ලැබූ කළමනාකාරවරිය බිබිල රෝහලට ඇතුලත් කර තිබේ.

සැකකරු මුහුණු ආවරණය කරගෙන පැමිණි බව ඇසින් දුටුවන් පවසා ඇත.

සැකකරු සොයා මේ වනවිට බිබිල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

Post a Comment

0 Comments