තෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

 


සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඊයේ  පැවැති තෙවන එක්දින තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල මීට සුළු වේලාවකට පෙර සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 291ක් රැස්කර ගත්තේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙවිස් හෙඩ් නොදැවී ලකුණු 70ක් රැස්කර ගැනීමට සමත් විය.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 62යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩසී කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව ආර්. ප්‍රේමදාස පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 48යි පන්දු 3 ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 137 ක් රැස්කර ගැනීමට සමත් විය.

පැතුම් මෙලෙස වාර්තා කළ සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වේ.

පැතුම්ට අනගි සහයක් ලබාදෙමින් අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87 ක් රැස්කර ගෙන සිටියදී ආබාධයකට ලක්විය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 25යි.

ධනංජය සිල්වා ලකුණු 25යි.

Post a Comment

0 Comments