ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන්ගේ ලිපිනයන් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් (www.parliment.lk) පෙරේදා (28 වැනිදා) පස්වරුවේ සිට ඉවත් කර ඇත.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරයි.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික සහ නිල ලිපිනයන් මෙන්ම පෞද්ගලික ස්ථාවර දුරකථන අංකයන් මීට පෙර ඇතුළත් කර තිබිණි.
කෙසේ වෙතත් මන්ත්‍රිවරුන්ගේ ලිපිනයන් ඉවත් කළද, තවමත් සියලුම මන්ත්‍රිවරුන්ගේ දුරකථන අංක ඇතුළු තවත් පෞද්ගලික තොරතුරු කිහිපයක් පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා සාමාන්‍ය ජනතාවට ලබාගැනීමේ හැකියාවක් පවතී.
0 Comments