ඉස්කැවේටර් රියදුරකුට පහරදී මරා වැසිකිළි වළක සඟවලා

  


මහරගම නාවින්න නිවාඩු නිකේතනයක් පිහිටි භූමියකදී ඉස්කැවේටර් රියදුරකුට පහරදී ඝාතනය කර වැසිකිළි වළක සැඟවූ මුරකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර හරන්තොට පදිංචිව සිටි ඒ. එච්. රවින්ද්‍ර 37 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු හා ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.


Post a Comment

0 Comments