අලුත් සිලින්ඩර් ගන්න ලක්ෂ 10ක් පෝලිමේ..
July 27, 2022
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් අලුතින්ම ලබා ගැනීමට අවශ්‍ය පිරිස ලක්ෂ 10ක් පමණ වන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.
එම නව පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පියවීම සඳහා මෙම වසරේ (2022) මුල් භාගයේදී කිලෝග්‍රෑම් 12 දශම 5 සහ කිලෝග්‍රෑම් 2 දශම 3 බැගින් වූ හිස් ගෑස් සිලින්ඩර හත් ලක්ෂ තිස්පන්දහසක් පමණ ගෙන්වීමට ටෙන්ඩර් කැඳවා තිබුණද එම මිලදී ගැනීම් සිදු නොවූ බැවින් එම ටෙන්ඩරය අවලංගු කිරීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්ගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුතින් විදේශ විනිමය වැය කරන කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකරන බවය.
එම නිසා මේ සම්බන්ධයෙන් පසුව සලකා බලා පවතින හිඟය පියවීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
දැනට සමස්ත ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින් ලක්ෂ 60ක් පමණ වේ.
0 Comments