රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතා මතය විමසන වෙරිටේ රිසර්ච් සමීක්ෂණයේ ජුනි මාසයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
එහිදී විමසා බලා ඇත්තේ අදාළ කාරණා සම්බන්ධයෙන් ජනතා අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය පිළිබඳවය.
ඒ අනුව රජයේ සමස්ත ක්‍රියාකාරීත්වය අනුමත කර ඇත්තේ සියයට 3ක පිරිසක් පමණි.
ජනවාරි මසදී එම අගය 10%ක් ලෙස සටහන් වී තිබේ.
ශ්‍රී ලංකාව අද යන ගමන්මඟ පිළිබඳව තෘප්තිමත්භාවය ප්‍රකාශ කර ඇත්තේ සියයට 2ක පිරිසක් වන අතර ජනවාරි මසදී එය සියයට 6ක් ලෙස දැක්වුණි.
මෙරට ආර්ථීකය පිළිබඳව විශ්වසනීයත්වය සෘණ කලාපයේ පවතින අතර ජුනි මසදී එය සෘණ 96ක් ලෙස දක්වා තිබේ.
මැයි මසදී එය සෘණ 83ක් ලෙස පැවතුණි.
සියයට 1.8ක් ආර්ථිකයේ යහපත් බවක් දකින අතර, ආර්ථිකය යහපත් අතට යොමුව ඇති බව පවසා ඇත්තේ සියයට 1.3ක පිරිසකි.
– අද දෙරණ
0 Comments