ශ‍්‍රී ලංකාවට මාසයකින් කිසිම ඉන්ධන නැවක් නෑ….


 ශ්‍රී ලංකාවට මාසයකට වැඩි කාලයක් තුළ කිසිදු ඉන්ධන නෞකාවක් නොපැමිණිමේ තත්ත්වයක් උදාවී තිබේ.

අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ දිනයේ සඳහන් කරන ලද්දේ ජූලි මාසයේ 22 දින තෙක් ඉන්ධන නෞකාවක් මෙරටට සපයා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

කෙසේ නමුත් ඊට පෙර නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඉන්දීය ණය ක්‍රමය යටතේ රටට ලැබුණු අවසන් ඉන්ධන නෞකාව පසුගිය 16 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඉන් අනතුරුව ජූනි මස 23 සහ 24 ඉන්ධන නැවු දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.

සාගල රත්නායක මහතාට අනුව මීළඟ ඉන්ධන නෞකාව ලැබෙන්නේ ජූලි මස 22 වැනි දා නම් ඒ අවසන් නෞකාව ලැබී මාසයකට වැඩි කාලයක් ගත වූ පසුය.

සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන නිපදවන්නේ නැතිනම් ශ‍්‍රී ලංකාවට මාසිකව ඉන්ධන නෞකා 10-12ක් අතර ප‍්‍රමාණයක් අවශ්‍ය වෙයි.


Post a Comment

0 Comments