ශ‍්‍රී ලංකාවට වාසිම පිටියේ ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්..

 


සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්රේලියාව කඩුලූ 10 ක ජයග්‍රහණයක් හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 212 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට ලකුණු 321ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 113කි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 5ක ප්‍රමාණය ඕස්ට්‍රේලියානු කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගත්තේය.

Post a Comment

0 Comments