ඉන්ධන ගෙන්වන තෙක් සති දෙකක් රට වහන්නැයි කියයි…

 


ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කරගන්නා තෙක් සති දෙකක කාලයකට රට වසා දමන ලෙස හරිමග ජාතික සංවිධානය ඉල්ලා සිටී.

එහි සභාපති නිශාන්ත කුමාර දසනායක මහතා සඳහන් කරන්නේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීම මත ජනතාවට තම ජන ජීවිත පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

පෝලිම්වල සිටීමෙන් ජනතාවගේ ශ්‍රමය ධනය හා කාලය විනාශ වෙමින් පවතින බවද ඔහු පැවසීය.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

“රුපියල් දෙදහක තෙල් ගන්න රුපියල් 1500ක් වියදම් කරගෙන යන්න ජනතාවට සිදුවෙලා. රට සති දෙකකට වසා දැමුවහොත් ජනතාවගේ මුදල් ඉතුරු වෙනවා. කාලය ඉතුරු කර ගන්න පුලුවන්. එතකොට ඒ අය කුඹුරක හේනක හරි වැඩක් කරාවි. මෙහෙම තෙල් පෝලිම් වල ඉන්නෙ නැතුව. සති දෙකකින් තෙල් ටික බෙදලා රට අරින්න එතකොට මේ ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳෙයි.

මේ වන විට අපිට පේනවා රට තුළ ව්‍යාපාරිකයින් දේශපාලනය කරන්න ලෑස්ති වෙනවා. ඒ අය එන්නේ 2025 ඒ රට හදන්න වත් රටේ අනාගතය ගොඩ දාන්න වත් නොවේ. ඔවුන්ට යම්කිසි දේශපාලන රැකවරණයක් ලබා ගන්නයි. රාජතාන්ත්‍රික භාවය ලබාගෙන ලෝකය ඉස්සරහට ගිහිල්ලා ව්‍යාපාර කරන්නයි මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ විදිහට එන මුදලාලිලාට මේ වගේ මේ රට බාර දෙන්න එපා මේ රටේ ජනතාවගේ මුදල් සූරා කාලා ඒ සල්ලි වල බලයෙන් ඇවිල්ල මේ රටේ දේශපාලනය කරන්න සූදානම් වල කට්ටියට ඉඩ දෙන්න හොඳ නෑ.“

Post a Comment

0 Comments