ලංකා ඉන්දීය තෙල් සමාගමේ දඹුල්ල ඉනාමළුව පිහිටි ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන තොග අවසන් වීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
අද අලුයම් කාලයේ මෙම ගැටුම ඇති වී ඇත්තේ ඉන්ධන තොග අවසන් බව පිරවුම්හල් සේවකයන් විසින් දැනුම් දීමත් සමඟයි.
එහිදී කලහකාරීව හැසිරුණු පුද්ගලයන් පස්දෙනෙකු සීගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්ධන අවසන් බවට පිරවුම්හල් සේවකයන් පැවසීමත් සමග බහින් බස් වීමක් ඇතිව එය ගැටුම් කාරී තත්වයකට පත්ව තිබේ.
ඉන් අනතුරුව විරෝධතාවේ යෙදුනු පිරිස් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා වාහන ධාවනයට බාධා කරමින් රැඳී සිටීම මත පොලීසිය හා හමුදාව මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබේ.
එම ඉන්ධනහලේ හිමිකරු සඳහන් කරන ලද්දේ ඉදිරියේදී ඉන්ධන ගෙන්වීම සම්පූර්ණයෙන් නවතා දමන බවයි. ඉන්ධන අවසන් බව දැනුම් දීමත් සමග එහි සිටි පුද්ගලයන් ඉන්ධනහලේ සේවකයන්ටත් ආරක්ෂක නිලධාරීන්ටත් පිරවුම්හලටත් ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බවද ඔහු පවසයි.
එවන් තත්ත්වයකදී තවදුරටත් මෙම සේවාව පවත්වාගෙන යා නොහැකි බව ද ඔහු පැවසීය.
0 Comments