හදිසි නීතිය සම්මත වෙයි..
July 27, 2022
හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කරගනු ලැබීය.
ඒ අනුව හදිසි නීතියට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබුණි.
ඒ අනුව හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මත කරගනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහවැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටියදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට පියවර ගත්තේය.
ඒ අනුව මෙම ප්‍රකාශනය සිදුකොට දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එසේ නොකළහොත් එය අවලංගු වේ.
0 Comments