අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ සියලු ස්ථාන ආපසු ලබාදෙමින් සිටියදීත්, අද(22) අළුයම් කාලයේ කඩා පැන ආරක්ෂක අංශ විසින් “ඉහළ අණ අනුව” එල්ලකළ බියගුලු ප්‍රහාරය හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස පවසනවා.
නව ජනාධිපතිවරයා දිවුරුම් දී දිනයක් යන්නට මත්තෙන් ගාලුමුවදොරට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පෙන්වීමට උත්සාහ කරනුයේ ඔහුගේ ඉදිරි පාලන තන්ත්‍රයේ ස්වභාවය නම්, මෙවැනි මිලේච්ඡතාවයන්ට එහා ගිය බලගතු ආණ්ඩුද ජන බලයෙන් ගෙදර යවා ඇති බව ඔහුට සිහිපත් කොට දිය යුතු යැයි හෙතෙම වැඩි දුරටත් කියයි.
රටේ ජනතාවට අරගල කිරීමේත් විරෝධතා දැක්වීමේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අපි හැම විටම ගරු කරන බවත් රාජ්‍ය දේපල සහ පොදු දේපල වලට හානි නොකර,ප්‍රචණ්ඩත්වය වෙනුවට ශිෂ්ටත්වය තුළ කරන අරගල වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් විපක්ෂනායකවරයා අවධාරණය කරයි.


0 Comments