පාර්ලිමේන්තු අද රැස්වෙයි..
July 27, 2022
ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට අද (27 වැනිදා) පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීම අනිවාර්ය කරනු ලැබ ඇත.
මෙලෙස අනිවාර්ය කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙන හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමට අවශ්‍ය හෙයිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහව මෙහෙයවන රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීම සඳහා පුළුල් බලවේගයක් ගොඩනගන බවත් එහි පළමු පියවර ලෙස පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කරගැනීමට යන අවස්ථාවේදී එයට විරුද්ධව කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා රනිල් වික්‍රමසිංහට ලැබුණු ඡන්ද ප්‍රමාණය හදිසි නීතිය සම්මත කිරීමේ යෝජනාවට නොලැබෙන බව ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක ද ප්‍රකාශ කර තිබේ.
0 Comments