නිල ධජය ඇතිරිල්ලක් කළ වරදට අධිකරණයෙන් ලැබුණු තීන්දුව.




ජනාධිපති නිල ධජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය ජුලි (09) වනදා කොටුව ජනාධිපති මන්දිරය විරෝධතාකරුවන් අත්පත්කර ගත් අවස්ථාවේ එහි තිබූ ජනාධිපති නිළ ධජය ඇඳ ඇතිරිල්ලක් ලෙස යොදා ගන්නා ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවක් අදාළ පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

එම සැකකරු ඊයේ (29) කොළඹ ඩෑම් වීදිය පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අතර අද (30) ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදි සැකකරු ලබන මස (05) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවට වාර්තා වෙයි.

Post a Comment

0 Comments