ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී රිය අනතුරක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. චිත්‍රපට රූගත කිරීමක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ තලාව ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් කැබ්රථය වන අලියෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ජැක්සන් ඇන්තනී සමග ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද පොලීසිය සඳහන් කළා. එලෙස තුවාල ලැබූවන් අතර ජැක්සන් ඇන්තනීගේ සොහොයුරෙකු ද වන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
0 Comments