ජනපති පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම්..
July 29, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු මස 03 වනදා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.
ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි සඳහන් වූයේ අගෝස්තු මස 03 වනදා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භ කෙරෙන බවය.
ඊට අනුව අගෝස්තු 03 වනදායින් ඇරඹෙන පාර්ලිමේන්තුවේ 3වන සභාවාරය ඇමතීමට ජනාධිපතිවරයා සූදානමින් සිටී.
0 Comments