සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනාගෙන ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් සහ සේවා සපයන සංචාරක ආයතනවල වයින් හා බියර් යන මෘදු මත්පැන් අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ.
සුරාබදු ආඥා පනත යටතේ මුදල්, ආර්ථික ස්ථායිතාකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති බලතළ ප්‍රකාරව එම තීන්දුව ගෙන ඇත.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය නම්‍යශීලී උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස එම තීරණය ගෙන ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අද (30) නිවේදනය කළේය.
ඒ අනුව, සංචාරකයන්ට ආහාර පාන සපයන, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනාගෙන ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් සහ සේවා සපයන සංචාරක ආයතනවලට වයින් සහ බියර් අලෙවි කිරීමට අවසර හිමි වේ.
ඒ කොන්දේසි සහ සීමා කිරීම්වලට යටත්වය.
එසේම එම මෘදු මත්පැන් අලෙවිය සඳහා අවශ්‍ය කෙරෙන වාර්ෂික බලපත්‍රය රුපියල් 25,000ක මුදලකට යටත්ව අලෙවි කිරීමට නියමිත බව ද ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
0 Comments