ලොව වේගයෙන්ම පැතිරෙන කොවිඩ් ප්‍රභේදයත් ලංකාවට..




ලංකාව තුළ පැතිරයමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ දරුණු තත්ත්වයක් නිර්මාණය කරුනු ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

බී.ඒ.5 ලෙස හඳුන්වන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ලොව පුරා ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බව ඔහු පවසයි.

“ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපගේ ආයතනය මගින් මේ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයට අනුව සොයාගෙන තියෙනවා දැනට ලංකාවේ විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පැතිරුණු ප්‍රධානතම ප්‍රභේදය විදියට බී.ඒ.5 කියන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය. මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි සොයා ගත්තේ. මේක තමා ලෝකයේ හැමතැනම මේ වන විට කොවිඩ් 19 රෝගය පැතිරීමට ප්‍රධානතම ප්‍රභේදය ලෙස හඳුනාගෙන තියෙන්නේ. මේක තමා මේ වන විට කොවිඩ් – 19 හඳුනාගත්තට පස්සේ වේගයෙන්ම පැතිරෙන්න පුලුවන් ප්‍රභේදය. ඒ නිසා ඉදිරියේදී අවදානමක් තියෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වීමේ. ඒ සඳහා තමයි අප සූදානම් විය යුත්තේ.”

Post a Comment

0 Comments