නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ මැණින් වෙළදපොළ ඇතුළු අනෙකුත් පළාත් වල ආර්ථික මධ්‍යස්ථාන වෙත දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට නුවරඑළිය ශ්‍රී ලංකා 3 වන සිංහ රෙජිමේන්තු යුධ හමුදා කදවුරෙන් ඩිසල් ඉන්ධන නිකුත් කිරිම (01) දින සිට ආරම්භ කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේඛම් නන්දන ගලබොඩ මහතා පැවසිය.
මේ අනුව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් දිනපතා ධාවනය වන ලොරි රථ වල ලැයිස්තුවක් ලබා දුන් බවත් , එම ලොරි රථ වලට සහ නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවින්ගේ අස්වැන්න නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත දිනපතා රැගෙන එන ලොරි රථ වලට මෙසේ යුධ හමුදා කදවුරෙන් ඉන්ධන නිකුත් කිරමට පියවර ගත් බවයි දිස්ත්‍රික් ලේඛම් වරයා කියා සිටියේ.
නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවින් ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ තම අස්වැන්න වෙළදපොලට යවා ගැනමට නොහැකිව දැඩි අසිරුතාවයට පත් වි සිටියහ.
0 Comments