සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනා කරලා නෑ -පාඨලී




සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට මේ දක්වා ඇරයුමක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේබව ප්‍රකාශ කළේය.

ප්‍රශ්නය – ඔබතුමන්ලාට ලිඛිතවත් මම හිතන්නේ ආරාධනා කළා, සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකරන්න එන්න කියලා. ඇයි ඔබතුමන්ලා තවම පස්ස ගහන්නේ?

“ජනාධිපතිතුමා එවලා තියෙන ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරලා නෑ. මේකේ ආරාධනා කරලා තියෙන්නේ, 19 වන සංශෝධනය පදනම් කරගත් ව්‍යවස්ථා සංශෝධනයකටත්, පාර්ලිමේන්තුවේ ඉදිරියේ බිහිකරන්න යන අධීක්ෂණ කාරකසභා පිළිබඳවත් අපේ අදහස අපේ අදහස විමසලා තමා එවලා තියෙන්නේ. ඒකට පිළිතුරු අපි ලබාදෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනා කරලා නෑ. පොදු වැඩපිළිවෙලක් සඳහා මෙන්න මේ ඉහත කිව්ව කරුණු දෙක සම්බන්ධයෙන් අදහස් විමසලා තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා එතුමා රාජාසන කතාව ඉදිරිපත් කරලා, එතුමා කරන්න යන ආර්ථික දේශපාලනික වැඩපිළිවෙල හා ප්‍රජාතාන්ත්‍රික වැඩපිළිවෙල ගැන අදහස් ඉදිරිපත් කරයි කියලා. දැන් මේ කෙරීගෙන යන වැඩපිළිවෙල යටතේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ගොඩනැගෙන්නේ නෑ. රට බංකොළොත් කරපු දේශපාලනඥයින් හා නිලධාරීන් පැත්තක ඉන්නකොට තරුණ සමාජ ක්‍රියාකාරීන් හඹා ගිහින් හදිසි නීතිය යටතේ තැනින් තැන ඔවුන් පැහැරගන්න යනවා. මේ වගෙන් විශ්වාසය ගොඩනැගෙන්නේ නෑ. රටේ ප්‍රතිරූපය තවත් ඇද වැටෙන එක විතරයි වෙන්නේ. මම හිතන්නේ ජනාධිපතිතුමා පළමුව පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ විශ්වාසය දිනාගත්තට අමතරව, ඒක එතෙන්ඩ වැදගත් වුණාට දැන් එතුමාට රාජ්‍ය පාලනයට වැදගත් වෙන්නේ ජනතා විශ්වාසය. පොහොට්ටුව ගැන ජනතාවගේ විශ්වාසයක් නැහැ. සර්වපාක්ෂිව ආණ්ඩුවක් පිහිටුවන්න අපි යෝජනාවක් ගෙන ආවා. ඒ යෝජනාවට අදාළව සියලුම පක්ෂ නායකයින් එක්ක විවෘත සාක්ඡාවකට ගිහිල්ලා. ඒ වගේම අවම ආර්ථික දේශපාලනික එකඟතාවයක් ඇතිකරගෙන පාර්ලිමේන්තුවේ 224 සම්බන්ධ කරගෙන දැන් මේ තියෙන දේශපාලන පත්වීම් වෙනුවට අමාත්‍යාංශ ලේකම්ලා හා ඒ වගේම වැදගත් මම කියන්නේ නැහැ හැම රාජ්‍ය ආයතනයක්ම. ලංකා බැංකුව, මහජන බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව වගේ නැත්වලට වෘත්තීය මට්ටමේ කාටත් පිළිගන්න පුළුවන් දූෂිත නොවුන නිලධාරීන් පංතියක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරලා කටයුකතු කරන්න අපි කිසිම ප්‍රශ්නයක් නැහැ.”

Post a Comment

0 Comments