තම අමාත්‍යාංශය වඩා හොඳින් කළහැකි කිසිවෙකු වේ නම් එය භාර දීමට මේ මොහොතේ දී වුවද සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාව ණය නොගෙවන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා ඉන්ධන සපයා ගැනීම ඉතාම ගැටලුකාරී තත්වයකට පත්ව තිබෙන බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව ඉන්ධන මිල දී ගැනීමට යාමේදී විදෙස් බැංකුවක සහතිකයක් බොහෝ සැපයුම්කරුවන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන සැපයීමට ඉදිරිපත් කරන ටෙන්ඩර සදහා කිසිදු සැපයුම්කරු ඉදිරිපත් නොවන තත්වයක් ද උද්ගතව තිබෙන බවද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.
0 Comments