අගෝස්තු මාසයට ඉන්ධන ගේන්න සල්ලි නෑ…

 


අගෝස්තු මාසය සඳහා ඉන්ධන ගෙන්වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියි.

අගෝස්තු මාසයට ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් මිලියන 150ක මුදලක් වත් ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දන්වා ඇති බවද හෙතෙම පැවසීය.

එනිසා ඉන්ධන ආනයනය සඳහා මසකට අවශ්‍ය කරන ඩොලර් මිලියන 550 ක පමණ මුදල සොයා ගැනීමට විකල්ප ක්‍රමවේද කරා යා යුතුව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

Post a Comment

0 Comments