මුව ආවරණය අනිවාර්ය වන ලකුණු..




ගත වූ සතියක පමණ කාලය තුළ මෙරට ආසාදිතයින්ගේ හා කොරෝනා මරණවල වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් යළි මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබේ.

අද දිනය වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි. ඩි. එච් රෝහලේ ආසාදිතයන් 30 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේය.

ඒ අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙකු ද වේ.

කෙසේ වෙතත් තවමත් මෙරට තුළ පවතින තත්වය පාලනය කළ හැකි මට්ටමේ පවතින බව කොරෝනා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේය.

Post a Comment

0 Comments