ලාරාගේ වාර්තාවක් බුම්රා බිඳ දමයි

 


ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් පන්දුවාරයකදී පිතිකරුවකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක ජස්ප්‍රිට් බුම්රා අද සමත් වුණා. ඒ, එංගලන්තය සමඟ පැවැත්වෙන පස්වන ටෙස්ට් තරඟයේදීයි.

එම තරඟයේ දෙවන දිනය වන අද දිනයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රියාත්මක කළ 84 වන පන්දු වාරයේදී ලකුණු 35 රැස් කර ගනිමින් ඔහු මෙම වාර්තාව පිහිටු වනු ලැබුවා. 

එම පන්දු වාරයේදී බුම්රා විසින් හතරේ පහර 04ක් සහ 06 පහර දෙකක් එල්ල කළා. ඊට අමතරව වයිඩ් පන්දුවක් සමඟ අතිරේක ලකුණු 05ක්, නිපන්දුවකින් ලැබුණු එක් ලකුණක් සහ පිත්තෙන් රැස් කළ එක් ලකුණක් එම පන්දු වාරයේදී වාර්තා වුණා.  

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා විසින් එක් පන්දුවාරයකදී ලකුණු 28ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා. 

Post a Comment

0 Comments