ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය ලියාපදිංචියට ?
July 25, 2022
ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය නමින් පක්ෂයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති බව එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පවසයි.
ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය නමින් පක්ෂයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබෙන බවට සමාජ මාධ්‍යවල පළවී තිබෙන පුවත සම්බන්ධව විමසීමේදී සභාපතිවරයා මේ බව කීවේය.
මේ වසරේ කිසිදු පක්ෂයක් ලියාපදිංචි කර නොමැති බවත්,මේ වසරේ ලියාපදිංචි කරන දේශපාලන පක්ෂ සඳහා අයඳුම්පත් කැඳවීම ජනවාරි මාසයේදී සිදුකල බවත්,එම පක්ෂවල සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද සභාපතිවරයා පැවසීය.
තමා දන්නා තරමින් ඉහත නමින් පක්ෂයක් නොමැති බවත්,යම් පක්ෂයක් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාව කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමුකරන බවද ඔහු කීවේය.
දැනට තිබෙන පක්ෂයක නමක්ද,පක්ෂයක ලකුණු ලෙස ජාතික සංකේත භාවිතා කර තිබෙනවාද,පක්ෂයේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද ආදී කරුණු පිළිබඳව පක්ෂ ලියාපදිංචියේදී පරීක්ෂාවට ලක්කරනවා මිස වෙනත් විශේෂ කරුණක් පරීක්ෂා නොකරන බවද සභාපතිවරයා පවසයි.
යම් පක්ෂයකින් ලිංගිකත්වය වැරදි ආකාරයකින් හුවා දක්වන්නේ නම් ඉන් ගැටලු සහගත තත්වයක් උද්ගත වියහැකි බවත් ඔහු කීවේය.
සදාචාරාත්මක තත්වයන් මැතිවරණ කොමිෂන් සභාවට පරීක්ෂා කළ නොහැකි නමුත්,එම පක්ෂය සමාජ ක්‍රියාකාරිත්වයේදී ගැටලු ඇතිවේද යන්න පිළිබඳ සොයා බැලීමට සිදුවන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments