හිටපු ඇමති ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..




හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබේ.

එස්. එම්. නිෂාර් මව්ලානා නැමැති පුද්ගලයෙකු විසින් අද (31) එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

හිටපු වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා, ජපානයේ තයිසෙයි සමාගමෙන් රුපියල් මිලියන 200ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එම පැමිණිල්ල යොමුකර ඇති බව වාර්තා වෙයි

Post a Comment

0 Comments