අද කොළඹට වතුර නෑ..




කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රී සිට පැය 11ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 09.00 සිට හෙට (31) පෙරවරු 08.00 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදුකරන බව ඔවුන් සඳහන් කළේය.

අදාළ කාලසීමාව තුළ කොළඹ, 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අඩාල කෙරේ.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Post a Comment

0 Comments